Thursday, April 25, 2024

General line - 0115112241

ඔලිම්පික් තුළින් ක්‍රිකට්වලට අවස්ථාවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.

එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසන්නේ කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම මෙමගින් අපේක්‍ෂා කරන බවයි. එසේ වුවහොත් එය ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත අවස්ථාවක් වනු ඇති බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

2028 වසරේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ අමෙරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවරයි. 1900 වසරෙන් පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකට කි‍්‍රකට්, තරග ඉසව්වක් ලෙස මේ දක්වා එක්කර නැහැ.

මේ අතර 2022 වසරේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙල සඳහා කාන්තා කි‍්‍රකට් ඇතුළත් කිරීමට දැනටමත් සැලසුම් කර තිබෙනවා. එම වසරේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු කී‍්‍රඩා උළෙලට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරග එක් වනු ඇතැයි කී‍්‍රඩා මාධ්‍යයන්හි සඳහන්.