Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති සමග කැබිනට් රැස්වීමට අදත් 05 යි

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්




කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ආරම්භ වුණා.

කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත්තේ පෙරවරු 7.30 ටයි. කෙසේවෙතත් කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උදෑසනින් කැබිනට් රැස්වීමට සහභාගිවීමට ඇති අපහසුතා සලකා කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 8.30 ට ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කෙසේවෙතත් කැබිනට් රැස්වීම උදැසනින්ම පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අදහස් පළ කරමින් සඳහන් කළේ "දැන් මං අපේ ඇමති මණ්ඩලයටත් මේ දවස්වල උගන්වනවා උදේම නැඟිටින හැටි.  ඉස්සර ඇමති මණ්ඩලය රැස් වුණේ උදේ 9.30ට. දැන් රැස් වෙන්නේ උදේ 7.30ට. කැබිනට් එක පටන් ගන්නකොට ඉන්නේ පස් දෙනයි හය දෙනයි. ඉතින් පේනවා දවල් වෙනකම් නිදා ගන්න අය කොච්චර ඉන්නවා ද කියලා." යනුවෙනි.