Friday, March 29, 2024

General line - 0115112241

හොංකොං භයානක අවධියක

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හොංකොංහි උත්සන්න වන විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය විශේෂ උපක‍්‍රමයක් භාවිත කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සිදුකරන්නේ පොලිස් නිල ඇදුම වෙනුවට වෙනත් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් විරෝධතා අතරට යොමු කිරීමයි.

එහිදී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවද හොංකොං පොලීසිය පැහැදිලි කර තිබෙනවා. මීට ආසන්නතම හේතුව වී ඇත්තේ සිවිල් ඇදුමෙන් සැරසුණු පුද්ගලයන් පිරිසක් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරයේ වීඩියෝ පටයක් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවීමයි. 

මේ අතර සති 10 ක් තිස්සේ පැවැත්වෙන විරෝධතා පිළිබඳ හොංකොං නායිකා කැරී ලෑම් අද මාධ්‍ය හමුවේ සංවේදී ලෙස අදහස් පළ කළා. එහිදී ඇය කියාසිටියේ විරෝධතාකරුවන් හොංකොං නගරය ආගදයට තල්ලු නොකළ යුතු බවයි. මේ වනවිට හොංකොං ඇත්තේ භයානක අවධියක බවත් ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ හොංකොං නායිකාව ධුරයෙන් ඉවත් විය යුතු බවයි.