Saturday, April 20, 2024

General line - 0115112241

විරෝධතාවක් නිසා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ

ලහිරු කපුගේ




විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ දැරූ බවයි.

මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක්. පෙරවරු 11.00 ට පමණ කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ වුණා.