Thursday, April 18, 2024

General line - 0115112241

කළු, කැලණි සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළට

සමන්ත කුමාර




ඇද හැලෙන වර්ෂාවත් සමග කළු ගගේ සහ ගිං ගගේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් විමසිලිමත් විය යුතු මට්ටමට පැමිණ ඇති බවයි.

ගිං ගගේ ජල මට්ටම ද තවලම ප‍්‍රදේශයෙන් විමසිලිමත් විය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සදහන්.

කැලණි ගගේ ජල මට්ටම ද දැරණියගල සහ කිතුල්ගල ප‍්‍රදේශවලින් ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.