Friday, April 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ තේරීම නිවැරදි බව ෆොන්සේකා කියයි

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාව බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස රටේ අවශ්‍යතා හදුනාගෙන සිය අපේක්ෂකයා නම්කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළහොත් එම අපේක්ෂකයා දිනවීමට හෘද සාක්ෂියට එකගව කටයුතු කළ නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී කියා සිටියා.