Wednesday, April 24, 2024

General line - 0115112241

අනුරාධපුර සිට මහනුවර බලා යන අතරතුර ගෝඨාභයට උණුසුම් පිළිගැනීමක්

කාංචන ආරියදාස00/සමන්ත කුමාර




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අද දඹුල්ල නගරයේදී ප‍්‍රදේශයේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

ඒ, ඔහු අනුරාධපුර අටමස්ථාන වැදපුදා ගැනීමෙන් අනතුරුව මහනුවර බලා ගමන් ගනිමින් සිටි අතරතුරයි.

දඹුල්ල - අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ බුලාගල මංසන්ධියේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් විසින්.

ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාව රථ පෙළපාලියකින් දඹුල්ල නගරය වෙත කැදවාගෙන එනු ලැබුවා.

දඹුල්ල ඔර්ලෝසු කණුව ඉදිරිපිට පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ආශිර්වාද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හෙට දළදා සමිදුන් වැදපුදා ගෙන තවත් ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතයි.