Thursday, March 28, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය ගැන ශ‍්‍රීලනිපයේ තීරණය ලබන සතියේ

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ලබන සතියේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නේදැයි මාධ්‍යවේදීන් මන්ත‍්‍රීවරයාගෙන් විමසා සිටියා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.