Wednesday, April 24, 2024

General line - 0115112241

වෙනස්කම් සමගින් ශ්‍රී ලංකා පිළ අද තරග බිමට

සමන්ත කුමාර




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය යන කණ්ඩායම් 02ම සහභාගී වන පළමු තරගය වන්නේ මෙම තරගයයි. පසුගිය දකුණු අප‍්‍රිකානු සංචාරයට එක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව අද තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ.

ඒ අනුව දකුණු අප‍්‍රිකානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ දිනේෂ් චන්දිමාල්ට අද ආරම්භ වන තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ ස්ථානයක් හිමිවනු ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා. මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි බලාපොරොත්තු තබන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පැවසුවේ.