Saturday, April 20, 2024

General line - 0115112241

අයවැයක් ඉදිරිපත් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි




ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම පසුවට කල් තබා එම වසරේ මුල් මාස 04 සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසර අවසන් භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව සහ රජයේ නව ප‍්‍රතිපත්ති මුල්කර ගනිමින් 2020 අයවැය සකස් කිරීමට හැකි වනු ඇති. මෙම යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

මේ අතර 2018 අංක 35 දරණ මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ණයපත් හා හරපත් භාවිත කරමින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවෙන් පිටතට කරන ගෙවීම් මත සියයට 3.5ක විදේශ වාණිජ ගනුදෙනු මත අය බද්දක් පැනවීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත්.