Saturday, April 20, 2024

General line - 0115112241

මහින්ද සහ ගෝඨා දළදා සමිඳුන් වැඳපුදා ගනී (PHOTOS)




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ දළදා සමිඳුන් වන්දනා කර ආශිර්වාද ලබා ගත්තා.

උදෑසන 09.00ට පමණ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්වුණා. එම පිරිස ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල විසින් පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.