Thursday, March 28, 2024

General line - 0115112241

විදුලි කාර්මිකයින් සදහා වෘත්තීය බලපත‍්‍ර ක‍්‍රමයක්

සමන්ත කුමාර




විදුලි කාර්මිකයින් සදහා වෘත්තීය බලපත‍්‍ර ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලි කාර්මිකයන් විධිමත් වෘත්තිකයන් ලෙස හදුනා ගනිමින් ඔවුන්ට වැඩි රැුකියා අවස්ථා හා ඉල්ලූමක් ඇති කිරීම එහි අරමුණයි.

මෙම මාසයේ සිට එම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ. මෙම බලපත‍්‍ර ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීම ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනය වෙත පැවරීමට ද යෝජනා වී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි.