Thursday, April 18, 2024

General line - 0115112241

ලබන වසර සදහා පාසල් පෙළපොත් තුන්කෝටි තිස් හත්ලක්ෂයක්




2020 වසර සදහා නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් පිටපත් තුන්කෝටි තිස්හත්ලක්ෂ දොළොස්දහස් එකසියයක් මුද්‍රණයට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒවා මුද්‍රණ ආයතන 29 ක් වෙත ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, ලංසුකරුවන් ඉදිරිපත් කළ අවම ලංසු මිල ද, කේවල් කිරිමෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එකඟ වූ අවම ලංසු මිල ද, ලංසුකරුවන්ගේ මුද්‍රණ ධාරිතාව සහ නියමිත කාලයට සපයාගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින්. අදාළ පෙළපොත් මේ වසරේ නොවැම්බර් 30 වනදාට පෙර පාසල්වලට බෙදා හැරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව පාසල් පෙළපොත් වර්ග 386 ක් මුද්‍රණය කිරීමට නියමිතයි. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 398 කට අධිකයි.