Wednesday, April 24, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන් සමග සම්බන්ධකම් පවත්වන පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්




කොළඹ අපරාධ කොට්ඨාෂයේ නිලධාරින් කිහිප දෙනෙක් දැනට එහි රදවා සිටින කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු සමග සම්බන්ධතාවයක් පවත්වන බවට මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් පොලිස් මුලස්ථානය වෙත කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධික්ෂණය මත ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

යම් අයුරකින් පොලිස් නිලධාරියෙක් එම සැකකරු සමග සම්බන්ධයක් පවත්වන බවට අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් මුලස්ථානය උපදෙස් ලබාදි ඇත.