නිකිණි පුරපසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා පිංකම් මාලාව මේ වනවිටත් අලව්ව ශ්රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
ඒ යටතේ ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව ආරම්භ වන්නේ රාත්රී අටටයි. ශ්වේත පූජා පිංකම් මාලාව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි රැදී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.