Thursday, April 25, 2024

General line - 0115112241

රට බේරා ගැනීමට ඇති අවසන් අවස්ථාව මෙයයි - ගැටඹේ නාහිමි ගෝඨාභයට කියයි




ජනතාවගේ ගැටළු පිළිබද තමාට වැටහීමක් ඇති බව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඒ, මහනුවරදී අද ජනතාව අමතමින්. එහිදී ඔහු කියාසිටියේ වතුකරයේ ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමටත්, රැකියා පිළිබද ප්‍රශ්නයටත් විසදුම් ලබාදීමට අපේක්‍ෂා කරන බවයි. මහනුවරට පැමිණි ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තා.

පසුව මහනුවර කටුකැලේ හින්දු කෝවිලේ ආගමික වතාවත් සදහා පැමිණි අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිස අමතමිනුයි ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මෙම අදහස් පළ කළේ.

මේ අතර අද පස්වරුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දුටුවා. එහිදී උන්වහන්සේ කියාසිටියේ විනාශ වෙමින් ඇති රට බේරා ගැනීමට ඇති අවසන් අවස්ථාව මෙය බවත් රට බේරා ගැනීම සදහා ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ උපකාරය බලාපොරොත්තු වන බවයි.