Friday, March 29, 2024

General line - 0115112241

සාෆිට එරෙහිවූ පාර්ශවයන්ට විවිධ බලපෑම්

ෆසාල් මොහොමඞ්




කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පෙනී සිටින සියළු පාර්ශවයන් මේ වනවිට බලපෑමකට ලක්වෙමින් සිටින බව නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න පවසනවා.

ඔහු මෙම නඩුවේ අගතියට පත් පාර්ශවයට වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ සාමාජිකයෙකුද වනවා. නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මෙම අදහස් පළ කළේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සමග කුරුණෑගල පොලිස් ස්ථානය වෙත අද පැමිණි අවස්ථාවේයි.

තමන්ට විවිධ පාර්ශවවලින් තර්ජන ඇති බව පවසමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා අද මෙලෙස පොලීසියට පැමිණිල්ලක් සිදු කළා.