Friday, April 19, 2024

General line - 0115112241

මුදල් අමාත්‍යාංශයට අර්ජුනගෙන් දෝෂාරෝපණයක්




මුදල් අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අද දෝෂාරෝපණයක් සිදුකළා. ඔහු කියාසිටියේ ලංගම බස් රථ සේවය ගුණාත්මක තත්ත්වයකට ගෙනඒමට තමන් දරණ උත්සාහයට මුදල් අමාත්‍යාංශයේ කිසිදු සහායක් ලබා නොදෙන බවයි.

ගුණාත්මක බස් රථ සේවයක් ලබාදීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

අමාත්‍ය අර්ජුන රණතුංග මෙම අදහස් පළ කළේ දොම්පේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.