Friday, April 19, 2024

General line - 0115112241

පොලිසියේදී කාන්තාවකට පහරදුන් බව කියන සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

සජිත් තිලකරත්න




පමුණුගම පොලිස් ස්ථානයේදී කාන්තාවකට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන්නැයි සමාජය හා සාමයික කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියාසිටියේ පොලිස් ස්ථානයකදී කිසිදු පුද්ගලයෙකුට පහරදීමට කිසිදු නිලධාරියෙකුට අයිතියක් නොමැති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයෙන්ද විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ පොලිස් ස්ථානය තුළදී සිදුවූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීමක් සිදුකරන බවයි.