Wednesday, April 24, 2024

General line - 0115112241

ආක්ටික් කලාපයේත් හුස්ම ගන්න වායුවේ ප්ලාස්ටික් අංශු

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ආක්ටික් කලාපයට පතිතවන හිම කැටි තුළ ප්ලාස්ටික් අංශු අඩංගු බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ජර්මානු හා ස්විට්සර්ලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්. එහිදී ලද නිරීක්ෂණය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වූ බව ඔවුන් කියා සිටියා.

අධ්‍යයන වාර්තාවනහි සඳහන් වන්නේ ආක්ටික් කලාපයට පතිතවන හිම ලීටරයක ප්ලාස්ටික් අංශු, 10,000 ක් පමණ අඩංගු වන බවයි. ප්ලාස්ටික් අංශු වලට අමතරව සියුම් රබර් අංශු, තීන්ත වැනි දෑ ද, වාර්නිෂ් වැනි කෘතිම තන්තුමය කොටස් ද අඩංගු බව මෙම අධ්‍යයනයෙන් හෙළිව තිබෙනවා. 

ආක්ටික් කලාපය මෙතෙක් සැලකුණේ දූෂිත නොවූ පරිසරයක් ලෙසයි. එහෙත්, ආක්ටික් කලාපයේ වැසියන් ද අඝ්‍රාණය කරන්නේ දූෂිත වායූන් බව මෙම නව අධ්‍යයනයෙන් තහවුරු වන බවයි අධ්‍යයන සිදු කළ විද්‍යාඥයින් පැවසුවේ. ලෝකයේ තිබෙන්නේ කොතරම් අවධානම් තත්ත්වයකදැයි එමගින් සිහිපත් කෙරෙන බව ද ඔවුන් පෙන්වා දුන්නා.