Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත දෙවන ඉනිම පාලනය කරයි

සමන්ත කුමාර




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද (16) දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 195 ක් රැස් කර ගෙන සිටියා.  

ඩී ජේ වොට්ලින් නොදැවී ලකුණු 63 ක් රැස්කර ගෙන සිටි අතර විලියම් සමර්විල් නොදැවී ලකුණු 5 ක් රැස්කර ගෙන සිටියා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 71 කට කඩුළු 4 ක් දවා ගත්තා. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් අද දිනයේ දැවී ගියේ ලකුණු 267කටයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50යි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම අද සිය දෙවන ඉනිම ආරම්භ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 18 ක් පිටුපස සිටයි. දිනය නිමා වනවිට කඩුළු 3 ක් අතැතිව සිටි නවසීලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් සිටියා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.