Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දුර්වල නායකත්වයෙන් නවසීලන්තය ප්‍රයෝජන ගනියි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය අදයි. මීට නොබෝ වේලාවකට පෙර සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු285 ක් ලබාගත්තා. බී ජේ වොට්ලින් ලකුණු 77 ක් රැුස් කළා. ටොම් ලැතම් ලකුණු 45 යි. 

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 249 ක් පමණයි. ශී‍්‍ර ලංකා පිළ පළමු ඉනිමේදී ලකුුණු 267 ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශී‍්‍ර ලංකාව ලකුණු 268ක් ලබා ගත යුතුය.

ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණශීලී ලෙස පන්දු පිටිය සැකසීමට මැලි වූ අතර ඉන් ප්‍රයෝජන ගත් නවසීලන්ත අවසන් පෙළ පිතිකරුවන් අවසන් කඩුලු හතරට ලකුණු 159ක් ලබා ගැනීම විශේෂත්වයක්.