Wednesday, April 24, 2024

General line - 0115112241

රට සේල් දමා නොමැති බව ග්‍රින්ලන්තය ට්‍රම්ප්ට කියයි

සමන්ත කුමාර / පවිත්‍රා මධුහර්ෂනී




සිය රට අලෙවිය සදහා සේල් දමා නොමැති බව ග්‍රින්ලන්තය පවසනවා. ඔවුන් මේ බව පැවසුවේ ලොව විශාලතම දූපත ලෙස සැලකෙන ග්‍රින්ලන්තය අමෙරිකාව විසින් මිලදී ගන්නේ නම් තමාද ඊට කැමති බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදු කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

ග්‍රින්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලනය සහිත රාජ්‍යයක් වනවා. ජනාධිපති ට්‍රම්ප් ග්‍රින්ලන්තය පිලිබද මෙම මතභේදාත්මක ගණුදෙනුව පිලිබද අනාවරණ කර ඇත්තේ සිය උපදේශකයන් පිරිසක් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදියී. එහෙත් ඩෙන්මාර්කයෙන්, ග්‍රින්ලන්තය මිලදි ගැනිමට නොහැකි වනු ඇති බවද ජනාධිපති ට්‍රම්ප් මෙහිදි ප්‍රකාශ කර ඇතැයි සදහන්.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙම අදහස් ප්‍රකාශය පිළිබද පළමු වරට අනාවරණ කර තිබුණේ වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පතයි. පසුව එම පුවත් පත උපුටා දක්වමින්  ලොව පුමුඛතම මාධ්‍ය රැසක්  එය ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කළා.

කෙසේවෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම මතභේදාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ග්‍රින්ලන්තය පැවසුවේ සිය රට ව්‍යාපාර කටයුතු සදහා විවෘතව පැවතියත්  සේල් දමා අලෙවි කිරිමට තබා නොමැති බවයි. එසේම ජනාධිපති ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය අප්‍රේල් පළමු වනදාට යෙදි ඇති මෝඩයාගේ දිනය වෙනුවෙන් සිදු කළ උපහාසාත්මක ප්‍රකාශයක් බවයි ඩෙන්මාර්කය ප්‍රකාශ කළේ.

ඛණිජ සම්පත්, පිරිසිදු ජලය හා අයිස්, මත්ස්‍ය ගහනය, පුනර්ජනනීිය බලශක්තිය වැනි වටිනා ස්වභාවික සම්පත්වලින් පොහොසත් ග්‍රින්ලන්තය සංචාරක  කර්මාන්තය සදහාද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා.