Saturday, April 20, 2024

General line - 0115112241

වාර්තාවක් තබමින් දිමුත් සහ තිරිමාන්න සාර්ථක හඹා යාමක

කසුන් කැලුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම, දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 71 යි. ඔහු අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 23 වන අර්ධ ශතකයයි. ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 57 ක් රැස් කර සිටිනවා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට අද එක් කළ ශතක සබඳතාව වාර්තා වූයේ සිව්වන ඉනිමේදී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුගලක් රැස් කළ වැඩිම ලකුණු සබඳතාව ලෙසයි. 

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 249 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 267 ක් රැස් කළා. නවසීලන්ත කණ්ඩායම දෙවන ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 285 ක්. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 135 ක් ලබා ගත යුතුයි. අතැතිව ඇති කඩුළු සංඛ්‍යාව 10 ක්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය හෙටයි.