Tuesday, April 23, 2024

General line - 0115112241

පාකිස්ථානයට දීමට තිබු ආධාර අමෙරිකාව කපා හරියි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පකිස්තානයට ලබා දීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 440 ක ආධාර මුදලක් කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ, පාකිස්තානය, කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සමගද අර්බුදයකට මැදිවී සිටින පසුබිමක් තුළයි.

මීට වසර 09 කට පෙරයි අමෙරිකාව අදාළ ආධාර මුදල ලබා දෙන බවට පකිස්තානයට පොරොන්දු වී ඇත්තේ. එහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 7 යි දශම 5 ක්. එහෙත්, පකිස්තානය සහ අමෙරිකාව අතර පැවැති හොඳහිත පළුදු වීම හේතුවෙන් අදාළ සහන පැකේජයෙන් අඩක පමණ මුදලක් වන අමෙරිකානු ඩොලර් බිලියන 4 යි දශම 1 ක් පමණක් පකිස්තානයට, අමෙරිකාවෙන් හිමිවනු ඇති.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන ආධාර මුදල් කපා හැරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් උපායමාර්ගික ක්‍රියාකලාපය හේතුවෙන් මෙම ආධාර කප්පාදුව සිදුව ඇතැයි පකිස්තානයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. 

ඉකුත් මාසයේදී සිදුවූ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අමෙරිකානු සංචාරය අතරතුර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබුණේ ඉන්දු - පකිස්තාන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවෙකු වීමට තමන් සූදානම් බවයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාව සඳහා පකිස්තානය කැමැත්ත පළ කළත් කාශ්මීර අර්බුදය සිය අභ්‍යන්තර ගැටලුවක් බවයි ඉන්දියාව ප්‍රකාශ කළේ.