Thursday, March 28, 2024

General line - 0115112241

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

කසුන් කැලුම්/ලහිරු කපුගේ




පවතින තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වැඩි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ පිළිබඳ අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට ද සිය පෙරමුණ පියවර ගන්නා බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ. 

එහිදී "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. පළවෙනි හමුවීම් මාලාවේදීම අපි ඒක දැක්කා. ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් තක්සේරුවක් කරලා අවශ්‍ය ආරක්ෂාව සකස් කරලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. " යනුවෙන් සඳහන් කෙරුණා.

එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ දැඩි අර්බුදයකට පත්ව සිටින බව ද කෙහෙළිය රඹුක්වැල්ල මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.