Friday, April 26, 2024

General line - 0115112241

අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් ගෙනා හේතුව එජාපය කියයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම හරහා රටේ ආර්ථිකයට වාසියක් හෝ අවාසියක් අත්නොවන බව ආර්ථික ප‍්‍රතිසංස්කරණ, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පි‍්‍රයංග දුණුසිංහ ඉකුත් දා ප‍්‍රකාශ කළේ අතුරු සම්මත ගිණුමක් මගින් ආයෝජකයන් හෝ ව්‍යවසායකයන් දිරිමත් නොකරන බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළා.

එහිදී "ඕනම ඡන්දයක් තියෙන වෙලාවක අයවැයක් ඉදිරිපත් කරන්නේ නෑ. අතුරු සම්මත ගිණුමක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒකෙන් කියන්නේ..අලුත් යෝජනා නැතුව මේ තියෙන අයවැයම තව මාස 04ක් ඉස්සරහට අරන් යනවා කියන එක. මේක අලුත් දෙයක් නෙමෙයි. " යනුවෙන් ද සඳහන් කළා. 

ජනාධිපතිවරණයක් අභිමුව අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු නොවන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.