Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ජයග්‍රහණය සොයා යන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

කසුන් කැලුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (18) අවසන් දිනයයි.

ලකුණු 268 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහරදෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 71 ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 57 ක් ලබා සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 249 ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් ලකුණු 267 ක් රැස් කළා.

නවසීලන්තය සිය දෙවන ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 285 ක්.

අයි සී සී ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ද මෙය වනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.