Friday, April 19, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති විවාහ මංගල උත්සවයක් ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බීබීසී ලෝක සේවය පැවසුවේ විවාහ මංගල උත්සවය පැවැති ශාලාව තුළට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එම පිපිරීම සිදු කර ඇති බවයි. ඉස්ලාම් විවාහ උත්සවයක් බැවින් පිරිමි පුද්ගලයින් සහ කාන්තාවන් වෙන් වෙන් වශයෙන් ස්ථාන 02 ක සිට තිබෙනවා. බෝම්බකරු විසින් පිපිරීම සිදු කර ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයින් සිටි ස්ථානයේ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව අදාළ ස්ථානයේ සිටි සෑම පිරිමි පුද්ගලයෙකුම මියයන්නට හෝ තුවාල ලබන්නට ඇති බවටයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් විසින් භාර ගෙන නැහැ. මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක තලෙයිබාන් සටන්කාමීන් සහ අමෙරිකානු රජයේ මැදිහත්වීමෙන් සාම සාකච්ඡා පැවැත්වෙමින් ඇති පසුබිමකයි.