Saturday, April 20, 2024

General line - 0115112241

1913 විශේෂ දුරකතන අංකය හෙට සිට ක්‍රියාත්මකයි




නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංක 1913 හෙට (19) දින සිට ක්‍රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම ක්ෂණික දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය රකින අතර නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය හා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළඟ තබාගැනීම තහනම් බැවින් එවන් අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි කළ හැකියි.