Thursday, March 28, 2024

General line - 0115112241

මංගල උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් : 63 දෙනෙක් ජිවිතක්ෂයකට 

දිනුක් හේවාවිතාරණ




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගලොත්සවයක දී සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 63 දෙනෙක් මියගොස් තවත් 180 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් මංගල උත්සවය පැවති ශාලව තුලදී බෝම්බය පුපුරුවා ගත් බවයි. මෙම බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයක් තුලදී.

මේ අතර මෙම බෝම්බ පිපිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තලෙයිබාන් සටන්කාමින් ප්‍රකාශ කර ඇති අතර ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිදු පාර්ශවයක් භාරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සුන්නි මුස්ලිම්වරුන්, තලෙයිබාන් සටන්කාමින් සහ ISIS සටන්කාමින් ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පසුගිය කාල සීමාව පුරා ප්‍රහාර එල්ල කර සිටියා.