Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ පළමු ටෙස්ට් ජය ලබයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 06කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහණය කළා.

ලකුණු 268 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එම ඉලක්කය සපුරා ගත්තා.

ශ‍්‍රී ලංකා දෙවෙනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 64 ක් ලබා සිටි ලහිරු තිරිමාන්නයි. නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 09 වන ශතකය වාර්තා කිරීමට අද සමත්වුණා. ඔහු දැවී ගියේ ලකුණු 122 ක් ලබා සිටියදීයි. 

කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගියා. 

මෙම ජයග්‍රහණයත් සමග ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 60ක් ලබාගෙන ඇතුළු වූ අතර එම ටෙස්ට් ශූරතාවලිය සඳහා ඇතුළු වූ පළමු ආසියාතික රට වන්නේද ශ්‍රී ලංකාවයි.