Thursday, April 18, 2024

General line - 0115112241

"එජාපය මේ මොහොතේත් කරන්නේ අනුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන එකයි"

නිහාල්සිරි ගම්ලත්




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ, කිසිවෙකු ගැටලුවක් ඇතිකර ගත යුතු නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ කළ යුත්තේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු විසඳා ගැනීම බවයි. නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තරුණ පරපුර වෙනුවෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ එහිදී අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ නව වැඩපිළිවෙල තරුණයන්ව නොමග යවන වැඩපිළිවෙලක් නොවන බවයි.