Thursday, March 28, 2024

General line - 0115112241

මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදු 12 දෙනෙක් අත්අඩංගුවට 




නීතිවිරෝධී අයුරින් ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට සුදානමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු හලාවත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම පිරිස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට සුදානම්ව සිටින අවස්ථාවේදී හලාවත, ඉරණවිල ප්‍රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වාලච්චේන, වැලිකන්ද, කල්කුඩා සහ තොඩුවාව යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද (18) දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.