Friday, March 29, 2024

General line - 0115112241

රටේ නායකත්වයට සුදුසු ජනාධිපති අපේක්ෂක ගෝඨාභයයි : ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසයි

දිල්ශාන් තුෂාර




රටේ නායකත්වයට ඉතාම සුදුසු පුද්ගලයා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බව, සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහනායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසනවා. ඒ, අද (18) පෙරවරුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි. 

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊයේ පස්වරුවේ ද ආගමික වැඩසටහන් රැසකට සහභාගී වුණා. සීනිගම දේවාලය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූ ඔහු, ලෙච්චිමලේ මුස්ලිම් පල්ලිය වෙත ද පැමිණියා.