Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකයා ගැන පෙරමුණේ නායකයින් එක මතයකට පැමිණියා : අමාත්‍ය හැරිසන් කියයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් එක මතයකට පැමිණ ඇති බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. ඊයේ (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී එම නායකයින්ට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒවාට ඔවුන් එකඟ වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැකිරාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ඉදිරි සතිය වනවිට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ පක්ෂයක් ලෙස සියලු දෙනා පක්ෂය ගන්නා තීරණයට එකඟ විය යුතු බවයි.