Friday, April 26, 2024

General line - 0115112241

කිලෝ 05ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු පමුණුගමදී අත්අඩංගුවට




අයිස් සහ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පමුණුගම පුබුදුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කඳාන පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

සැකකරුවන් සතුව තිබී හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 500ක් සොයා ගැණුනා. අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ද එහිදී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.