Thursday, March 28, 2024

General line - 0115112241

විරෝධතාකරුවන්ගෙන් අදත් හොංකොං පිරෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලක්ෂයකට අධික හොකොං විරෝධතාකරුවන් තවත් රාජ්‍ය විරෝධි දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ, චීනයෙන් එල්ල වන දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේයි. චීනය ඉකුත්දා පැවසුවේ හොංකොං විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන්ට ආසන්න වෙමින් පවතින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (18) ආරම්භ වූ විරෝධතා සාමකාමී අයුරින් මේ වනවිට පැවැත්වෙන බවයි. කෙසේවෙතත් පසුගිය සති කිහිපයේම පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හට ගැනුණා. හොංකොං විරෝධතාකරුවන් මෙලෙස අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන්නේ දස වන සතියටයි.