Tuesday, April 23, 2024

General line - 0115112241

අමාත්‍ය සජිත් ගැන ජනාධිපතිවරයාගෙන් සහතිකයක්

තරංග රුක්ෂාන් ජයසේකර




අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) අදහස් පළ කළා. ඒ, පොළොන්නරුවේ පැවති වැඩසටහනකදීයි. 

එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දේශපාලනය තුල දුෂිතයෙක් නෙමෙයි හෝ හොරෙක් නොවන බව තමන්ට වගකීමෙන් යුතුව පැවසිය හැකි බවයි.එමෙන්ම ගතවු පස්වසරක කාලය තුල තමන්ගේ පාලන සමයේදී ආණ්ඩුවේ තුවක්කුව රටේ මහජනතාවට පත්තු නොවුණු බවද ජනාධිපතිවරයා සිහිපත් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද එහිදී අදහස් පළ කළා.