Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රතිකාර ගන්න පැමිණි තරුණ කාන්තාවක් රෝහලේ 06වැනි මහලෙන් පැනලා




බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර කොතලාවල රෝහලට ඇතුළත් කරන ලද වයස අවුරුදු 28ක් වන කාන්තාවක් එම රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේ සය වන මහලෙන් පහළට පැනීම හේතුවෙන් මියගොස් ඇති බවට බොරලැස්ගමුව පොලිසියට ඊයේ (18) සවස 6.45ට පමණ තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මරණයට පත්ව ඇත්තේ අංක 180/01, මාලපල්ල පන්නිපිටිය ලිපිනයේ පදිංචි ක්‍රිස්ටියන් ප්‍රනාන්ඩෝ නැමැති කාන්තාවක්.

මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) දින සිදු කිරීමට නියමිතයි.සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.