Thursday, April 25, 2024

General line - 0115112241

රටේ යුද්ධ හමුදාපති පුටුව හිස්වෙයි

හේමන්ත කහවලගේ




යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී තිබෙනවා. 2017 වසරේ ජූලි මස 04 වැනිදා මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණා. ඒ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසයි.

මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ (18) දිනයෙන් අවසන් වුණා. නෙත් නිවුස්, යුද්ධ හමුදාපතිධූරය සම්බන්ධයෙන් අද (19) අලුයම ද යුද්ධ හමුදාවේ මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තුගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මේ දක්වා යුද්ධ හමුදාපති ධූරය සඳහා කිසිඳු පත් කිරීමක් සිදු කර නොමැති බවයි. 

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින පළමු 10 දෙනාගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ විසින් ඉල්ලා ඇතැයි නෙත් නිවුස් ඉකුත්දා වාර්තා කළා. එම නම් ලැයිස්තුව ඉල්ලා ඇත්තේ ද පුරප්පාඩු වන යුද්ධ හමුදාපති ධුරය සඳහා සුදුස්සෙකු පත් කිරීමට බවයි වාර්තා වුණේ.

ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නිලධාරීන් අතරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ මෙන්ම මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ද අයත්.