Thursday, April 25, 2024

General line - 0115112241

කුණු ටිපර්වලට ගල් ගැසූ 03ක් කොටු

ජූඩ් සමන්ත




කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවලට පහර දුන් බවට සැකපිට තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය පැවසුවා.

අද (19) අළුයම 1.00 ට පමණ පුත්තලම - මන්නාරම මාර්ගයේ දී මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.

ටිපර් රථ 03 ක් ගල් මුල් ප්‍රහාරයට ලක්වී ඇති අතර එම රථවල වම් පස දොරවල්වලට සුළු හානි සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියත් සමගම ක්‍රියාත්මක වී ඇති පොලිසිය සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල රැගෙන යන ටිපර් රථවලට මීට පෙර අවස්ථා කීපයකදීම ජනතා විරෝධය එල්ල වී තිබුණා.