Friday, April 19, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ට රාජිතගෙන් උත්තර




ඖෂධ හිග බවට චෝදනා කරන කිසිදු වෛද්‍ය සංගමයක් ඖෂධ මිල ඉහළව පැවති වකවානුවේදී ඒ පිළිබඳ කතා නොකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඖෂධ වර්ග 73ක මිල දැනටමත් අඩුකර තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තවත් ඖෂධ වර්ග රැසක මිල ඉදිරියේදී අඩු කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් සූරා කෑමට දරණ උත්සහය ද අවහිර වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ඖෂධ හිගය, බාල ඖෂධ, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් පාදක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා රටපුරා මෙම වැඩවර්ජනය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අද (19) කියා සිටියේ.