Friday, April 19, 2024

General line - 0115112241

ජවිපෙ මෙවර ජනාධිපතිවරණ සටනට එන හේතුව කියයි

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




ජාතික ජන බලවේගය යටතේ තමන් මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ කිසිවෙකුගේ හෝ ඡන්ද කැඞීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඉකුත්දා නම් කිරීමෙන් පසු ඇතැම් පිරිස් කියා සිටියේ ප‍්‍රධාන අපේක්ෂකයින්ගේ ඡන්ද කැඞීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම පියවර ගත් බවයි.

නෙත් නිවුස් කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ සිය පක්ෂය මේ පාර පැමිණ ඇත්තේ ඡන්ද කැඩීමට නොව ඡන්ද එකතු කිරීමට බවයි. 

ජනතා විමුක්ති පෙරමුණ ශ‍්‍රී ලංකාවේ 03වන දේශපාලන බලවේගය ලෙස ඇතැම් පිරිස් මීට පෙර හඳුන්වා දුන්නා. එහෙත් මෙවර ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ 03වන බලවේගය වීමට නොව ජයග‍්‍රහණය සඳහා බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. 

ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට තරග කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායකගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරියේදී රට හමුවේ ප‍්‍රසිද්ධ කරන බවද සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.