Friday, March 29, 2024

General line - 0115112241

අපේක්ෂකයා තෝරන යෝජිත ඡන්දයට එජාපය ඇතුළෙන්ම විරෝධයක්

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට අභ්‍යන්තර ඡන්ද විමසීමක් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 55දෙනෙකුගේ අත්සනින් අග‍්‍රාමාත්‍යවරයාගෙන් කෙරුණු ඉල්ලීම එම පක්ෂයේම ඇතැම් මන්ත‍්‍රීවරුන් ප‍්‍රතික්ෂේප කරනවා.

අදාළ ඉල්ලීම සහිත ලිපිය අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින්. එහෙත් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට එවැනි ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවයි ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ.

විවෘතව බහුතර කැමැත්ත විමසීමෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත හැකි බවද අමාත්‍යවරයා පැවසුවා. 

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට පෙර යෝජිත නව සන්ධානය පිහිටුවිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසේදී මෙම හමුව පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා.