Friday, April 19, 2024

General line - 0115112241

මරණ දඬුවමට එරෙහි පෙත්සම් 03ක් ප්‍රතික්ෂේපයි : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

සමන්ත කුමාර




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ යැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකර තිබුණා. 

යම් කෙටුම්පතක් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවතින අනුකූලතාවය ගැන මතයක් ප්‍රකාශ කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ.

මේ අතර රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර මෙරටට අවේනික හූනන් විශේෂ කිහිපයකට ජාතික විරුවන්ගේ නම් යෙදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී විරෝධය පල කළේ මෙලෙසයි.