Friday, April 26, 2024

General line - 0115112241

කසුන් පලිසේනගේ ඇප කොන්දේසියක් ලිහිල් කෙරේ 

අධිකරණ වාර්තාකරු




2015 වර්ෂයේ පෙබරවාරි මස සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙසට නම් කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අයට පනවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළා.

ඒ අනුව සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට මීට පෙර නිකුත් කළ නියෝගය සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකි වන ආකාරයට වෙනස් කිරීමටයි ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කරනු ලැබුවේ.

මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ විත්ති පාර්ශවය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමේන් අනතුරුවයි. මෙම නඩුව යළි ඔක්තොම්බර් මස 28 දා යළි කැදවීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු දසදෙනකුට එරෙහිව මේ වන විට නීතිපතිවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.