Sunday, September 15, 2019
Hotline - 0770586666

යුධ හමුදාපතිගේ පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් 

1155Views

 

 

 


ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වීදේශ කටයුතු අමාත්‍යාංශ මේ බව ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරනු ලැබූ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.

චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.“