Thursday, March 28, 2024

General line - 0115112241

සහරාන් ගෙන් පුහුණුව ලැබූ මව්ලවිවරුන් දෙදෙනක් TID අත්අඩංගුවට 




ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාෂයට ලද තොරතුරක් මත තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමග නුවරඑලිය කඳවුරේ පුහුණුව ලැබූ මව්ලවිවරුන් දෙදෙනෙක් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හැවිරිදි මොහොම්මදු හනීෆා මොහොමඩ් රිස්මි නම් හෙට්ටිපොල ජුම්මා මුස්ලිම් පල්ලියේ මව්ලවිවරයෙක් ලෙස කටයුතු කරනු ලබන අයෙකි.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු නිකවැරටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ ම්ව්ලවිවරයෙක් ලෙස කටයුතු කරනු ලබන 29 හැවිරිදි මොහොමඩ් නසාර් මොහොමඩ් නිම්සාඩ් යන අයයි.

මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාෂය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියි.