Thursday, April 25, 2024

General line - 0115112241

ජනතාවගේ ආදායම සියයට 50කින් වැඩි වී ඇතැයි අගමැතිගෙන් ප්‍රකාශයක්

නිෂාන් ද සිල්වා




කුමන ප්‍රශ්න තිබුණද රටේ ජනතාවගේ ආදායම සියයට 50හේ සිට සියයට සීයක් දක්වා වැඩි වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේ නාරාහේන්පිට අද (20) පැවති උත්සවයකට එක්වෙමින්.

මෙරට ශ්‍රමිකයින් ආර්ථික නවීකරණය සඳහා සුදානම් කළයුතු බවත් නවීකරණය යොදා ගෙන මෙරට අපනයන ආර්ථිකයක් ඇති කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

නාරාහේන්පිට පිහිටි කම්කරු හා වෘත්තිීය සමති සබඳතා අමාත්‍යංශ පරිශ්‍රයේ ඉදිකළ “මෙහෙවර පියස” කාර්යාල සංකිර්ණය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.